ජිහාඩ් කණ්ඩායම් ශ්‍රී ලංකාවේ සිටිනවාද ?

Saturday, 26 March 2016 - 12:55

%E0%B6%A2%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%3F
ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය ජිහාඩ් හෙවත් ශුද්ධ යුද්ධය පෙරදැරි කර ගත් කණ්ඩායම් නොමැති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එම අධ්‍යයනය සිදුකර ඇත්තේ වාර්ගික අධ්‍යයනයන් පිළිබද ජාත්‍යන්තර මධ්‍යස්ථානයයි.

මෙමගින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවන් තුළ සහ ඉන් බාහිර ක්‍රියාකාරකම් අධීක්ෂණයට ලක් කර ඇති බවයි එම වාර්තා පිළිබද සටහනක් ගෙන එන ඉන්දියාවේ හින්දු පුවත්පත සඳහන් කළේ.

නැගෙනහිර පළාතේ මෙවැනි ජිහාඩ් කණ්ඩායම් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

දිවයිනේ ජනගහනයෙන් මුස්ලිම්වරුන් සිටින්නේ සියයට 9.67ක් වුවත් නැගෙනහිර පළාතේ ජනගහනයෙන් සියයට 37ක් මුස්ලිම්වරුන්.

එහි සිටින තබ්ලිගි ජමාට්, තවුහීඩ් සහ සුෆි යන කණ්ඩායම් සමඟ අධ්‍යයනය සිදුකළ කණ්ඩායම සාකච්ඡා කර තිබෙනවා.

එහිදී ඇතැම් අසහනකාරී තරුණ කණ්ඩායම් ජිහාඞ් හෙවත් ශුද්ධ යුද්ධ ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් පළ කර ඇති බව සඳහන්.

එහෙත් එය හුදෙක් ඉස්ලාම් දහමේ ගෝලීය ප්‍රවනතාවන්ට ප්‍රතිචාර දැක්වීමක් පමණක් බවයි වාර්ගික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ප්‍රකාශ කළේ.

ඔවුන් ප්‍රකාශ කරන අදහස් ක්‍රියාවට නැංවීමේ අභිලාශයක් නොතිබූ බවත්, අධ්‍යයන කණ්ඩායම අවධාරණය කළා.

එවැනි අදහස් ඇතැම් විට මුස්ලිම් ජනප්‍රජාව අතර එකමුතුබවක් ඇතිකරලීමට යොදාගෙන තිබෙනවා.

ජමාට් - ඊ - ඉස්ලාමි සහ තබ්ලිග් ඊ ජමාට් යන ප්‍රතිසංස්කරණවාදී ඉස්ලාමීය කණ්ඩායම් 1950 දශකයේදී ශ්‍රී ලංකාවට පැමිණි බව විශ්වාස කෙරෙනවා.

ඔවුන් සාම්ප්‍රදායික මුස්ලිම් සුෆි කණ්ඩායම් අතර, යම් මත ගැටුම්වල පැටලී සිටින බව ද අධ්‍යයනයෙන් හෙළි වී ඇති තවත් කරුණක්.


මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 6:25

තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More