අමාත්‍යාංශ කිහිපයක් අගමැතිගේ ඍජු අධීක්ෂණයට

Saturday, 26 March 2016 - 13:03

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8D%E0%B6%A2%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
දැනට විවිධ අර්බුදවලට ලක්වී ඇති ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු ආයතන කිහිපයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඍජු අධීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මීට අමතරව තවත් අමාත්‍යාංශ කිහිපයක් සහ රාජ්‍ය ආයතන කිහිපයක් අග්‍රාමාත්‍යවරයාගේ අධීක්ෂණයට ලක් කිරීමට පියවර ගැනෙන බවයි.

ඒ යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මෙන්ම, නිවාස අමාත්‍යාංශය ද අග්‍රාමාත්‍යවරයාගේ ඍජු අධීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

අදාළ ආයතන දැඩි නිලධාරිවාදයට ලක්වීම හේතුවෙන් ඒවායේ ක්‍රියාකාරිත්වයට බාධා පැමිණීම මෙම පියවරට හේතුව බව සඳහන්.

එමෙන්ම, ඒවායේ නිලධාරින් රජයේ වැඩපිළිවෙලට සහායක් නොවන ලෙසින් මන්දගාමී ලෙස කටයුතු කිරීම ද අදාළ ආයතන අග්‍රාමාත්‍යවරයාගේ අධීක්ෂණයට ලක් කිරීමට හේතුවක් වී තිබෙනවා.

මේ ආකාරයේ ගැටලු පැවති විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය කාලයේදී අග්‍රාමාත්‍යවරයාගේ ඍජු අධීක්ෂණයට යොමු කෙරුණා.

එමගින් එහි පැවති ගැටලූ රැසක් නිරාකරණය කර ගැනීමට හැකිවී තිබෙනවා.

එමෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව පැවති වගකීම් රැසක් සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය යටතට පැවරීම ද එහිදී සිදුවුණා.