මත්කුඩු බෙදූ මෙන්ඩිස් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

Saturday, 26 March 2016 - 13:10

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%96+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වනු ලබන බවට සැකපිට විදේශ රටකදී අත්අඩංගුවට ගත් වසන්ත මෙන්ඩිස් නැමැත්තා අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

කටුනායක - ගුවන් තොටුපළ පරිශ්‍රයේදී සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

දකුණේ ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයා බවට සැක කෙරෙන ලියනදුරගේ වසන්ත මෙන්ඩිස් නැමැත්තා විදේශගතව සිටින බවට පොලීසිය විසින් අනාවරණ කර ගත්තේ මීට මාස කිහිපයකට ඉහතදීයි.

ඒ අනුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් විවෘත වරෙන්තුවක් මත මෙම පුද්ගලයාට රතු නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

එම රතු නිවේදනයට අදාළවයි වසන්ත මෙන්ඩිස් විදේශ රටකදී අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපළට රැගෙන ඒමෙන් අනතුරුව අද පොලිස් භාරයට ගනු ලැබුවේ.





මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 6:25

තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More