හූ හඩ මැද සන්ධාන මහලේකම් වේදිකාවෙන් බසී

Saturday, 26 March 2016 - 19:04

%E0%B7%84%E0%B7%96+%E0%B7%84%E0%B6%A9+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%93
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීරට මෙන්ම හිටපු මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට අද (26) ස්ථාන දෙකකදී සන්ධාන සාමාජිකයන් හූ හඩ නගමින් විරෝධය පළ කළා.

අමාත්‍ය මහින්ද අමරවීරට මෙම විරෝධය පළ වුණේ ගාල්ල - බද්දේගම නගර ශාලාවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන ක්‍රියාකාරිකයන්ගේ හමුවේදීයි.

එහිදී නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පිළිගැනීමේ කතාව සිදුකළ අතර පසුව සභාව තුළින් නැගුණු හූ හඩ අඛන්ඩව පැවතුණා.

සන්ධාන මහලේකම් මහින්ද අමරවීරට අදහස් පළ කිරීමට අවස්ථාව නොදෙමින් සාමාජිකයන් හූ හඩ නැගූ අතර පසුව ඔහු සහ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම එම ස්ථානයෙන් පිටව ගියා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර ආසනයේ ක්‍රියාකාරින්ගේ හමුව ද අද පැවැත්වුණේ සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්.

එය සංවිධාන කර තිබුණේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍රයි.

කෙසේ වෙතත්, මාතර - නූපේ සණස ශාලාවේ පිටුපස දොරෙන් පළාත් අමාත්‍ය චන්දිම රාසපුත්‍ර අද පිටව ගොස් තිබුණේ දකුණු පළාත් උපාධිධාරින්ට පැවැත්වූ ගුරු විභාගයෙන් සමත් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් දකුණු පළාත් ගුරු සමතුන්ගේ එකමුතුව එම ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාව දැක්වීම හේතුවෙන්.

එහිදී විරෝධතාකරුවන් සහ රැස්වීමට පැමිණි සිටි පිරිස අතර හූ හඩ නැගුණා.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අද මාවනැල්ල සහ අරණායක ප්‍රදේශවලදීද නිදහස් පක්ෂ ක්‍රියාකාරින්ගේ රැස්වීම් පැවැත්වුණා.

මාවනැල්ලේ පැවති රැස්වීම අවසානයේ සන්ධානයේ හිටපු මහලේකම්වරයාට පිරිසක් හූ හඩ නගමින් විරෝධය පළ කළ බවයි එම ස්ථානයේ සිටි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එසේම අරණායකදී සබරගමුව පළාත් අමාත්‍ය භානු මනුප්‍රිය අදහස් දැක්වීමත් සමග සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා නොසන්සුන්කාරි වනු දක්නට ලැබුණා.

මේ අතර, වෙන්නප්පුවේ අද (26) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරි හමුවකදී ද හිටපු නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායකට හූ හඩ නගමින් රැස්ව සිටි පිරිස විරෝධය පළ කර ඇති බව වාර්තා වුණා.



තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More