සම්බන්ධන් ඉන්දියාවට දොස් කියයි

Sunday, 27 March 2016 - 8:40

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ත්‍රිකුණාමලය - සාම්පූර් හි ඉන්දිය මූල්‍ය ආයෝජනයෙන් සිදු කෙරෙන ගල් අඟුරු තාප විදුලි බලාගාරයෙන් ඇතිවන දැවැන්ත පාරිසරික අර්බුදය පිළිබඳව ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළා.

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ තාප බලාගාරයෙන් සිදුවන පරිසර දුෂණය සහ පාරිසරික හානිය පිළිබඳව ප්‍රදේශයේ ජනතාවගෙන් තමා වෙත පැමිණිලි ලැබෙන බවයි.

ඒ පිළිබඳව පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් තමාට චෝදනා කරන බවත්, දෙමළ සන්ධාන නායකයා වැඩිදුරටත් සඳහන් කළා.

 සාම්පූර්හි ගල් අඟුරු තාප විදුලි බලාගාරයක් වෙනුවට සූර්ය බලශක්ති බලාගාරයක් පිිහිටුවීම තමාගේ සිහිනය වී තිබූ බවයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සඳහන් කළේ.

ඇමරිකානු පාරිසරික ආයතනයක දත්ත උපයෝගී කරගනිමින් මෙරට පරිසරවේදීන් පෙන්වා දෙන්නේ සාම්පූර් බලාගාරයෙන් වසරකදී සල්ෆර් ඩයොක්සයිඩ් ටොන් දස දහසක් වායුගෝලයට එක්වන බවයි.

ඇසිඩ් රේන් හෙවත් අම්ල වැසි ඇතිවීමට ප්‍රධාන හේතු කාරකය ලෙස සැළකෙන්නේ මෙම රසායනිකයයි.

ඊට අමතරව මීදුම් දුමාරයට හේතුවන නයිට්‍රජන් ඩයොක්සයිඩ් ටොන් දස දහස් දෙසීයක් සහ කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන 3.7 ක් මෙගාවොට් 500 ක සාම්පූර් විදුලි බලාගාරයෙන් වාර්ෂිකව වායුගෝලයට එක්වනු ඇති.


ශ්‍රමිකයින් 160 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තලින් දකුණු කොරියාවට
Wednesday, 27 May 2020 - 10:29

කොරෝනා වෛරස් තත්ත්වයත් සමඟ මෙරටට පැමිණි දකුණු කොරියාවේ සේවයේ... Read More

කොරෝනා ආසාධිත සැක සහිත පිරිසක් යාපනයේ මිසලයේදී අනතුරට පත් වෙයි
Wednesday, 27 May 2020 - 10:27

කොරෝනා අසාදිතයන් යැයි සැක සහිත රෝගීන් පිරිසක් රැගත් යාපනය... Read More

කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වේ
Wednesday, 27 May 2020 - 10:10

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන විවෘත කර තිබෙනවා.... Read More