බෙල්ජියම් ත්‍රස්තයෙක් අධිකරණයේ

Sunday, 27 March 2016 - 8:48

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A
පසුගිය අඟහරුවාදා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකුට එරෙහිව බෙල්ජියමේ නීතිපතිවරයා ත්‍රස්තවාදී චෝදනා යටතේ නඩු පවරා තිබෙනවා.

ෆයිකල් සී ලෙස හඳුන්වා ඇති මොහු පසුගිය බ්‍රහස්පතින්දා සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනුනා.

බ්‍රසල්ස් නුවර සැවැන්ටෙම් ජාත්‍යන්තර ගුවන් තොටුපලට සහ ප්‍රධාන උමං දුම්රිය ස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 28 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ගුවන්තොටුපලේ සී. සී. ටී.වී. දර්ශනවලින් හෙළිවී ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සොහොයුරන් දෙදෙනෙකු බවයි.

තුන්වන මරාගෙන මැරෙන බෝම්බකරු නිදහස් මාධ්‍යවේදියෙකු ලෙසද හඳුනාගෙන තිබුණා.

පුපුරුවාගෙන දිවි නසාගැනීම වෙනුවට පලාගොස් සිටි ඔහු අත්අඩංගුවට ගත් අතර, දැන් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන්නේ එම සැකකරුයි.


ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More

කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More