සෞදි ගුවන් ප්‍රහාරවලට එරෙහිව යේමනයේ විරෝධතා

Sunday, 27 March 2016 - 9:27

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
බලයෙන් පහකළ හිටපු ජනාධිපති මන්සූර් හාදි නැවත බලයට පත් කිරීම සඳහා සෞදි අරාබිය වසරක් තිස්සේ ක්‍රියාත්මක කරන ආක්‍රමණශීලී ගුවන් ප්‍රහාරවලට එරෙහිව යේමනයේ සානා නුවර ඊයේ දැවැන්ත රැළියක් පැවැත්වුණා.

හවුති කැරළිකරුවන් විසින් පවත්වාගෙන යන වත්මන් රජයේ ආධාරකරුවන් දසදහස් ගණනක් ඊට එක්වී සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මන්සූර් හාදිට පෙර යේමනයේ ජනාධිපතිවරයා වූ අලි අබ්දුල්ලා සලේද ඊයේ පැවති රැළියට සහභාගිවී තිබෙනවා.

යේමන විරෝධතාකරුවන් සවුදි අරාබියට එරෙහි විරෝධතා පුවරු රැගෙන රැළියට සහභාගිවුණා.

යේමනයේ සෞදි ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 6300 ක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව ජගත් සංවිධාන වාර්තා පෙන්වා දෙනවා.


ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More