පැයක විදුලිය කැපීමක් අත්‍යාවශ්‍යයිලු

Sunday, 27 March 2016 - 13:10

%E0%B6%B4%E0%B7%90%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%94
විදුලිය සැපයුමේ අර්බුදයක් පවතින බැවින් දිනකට පැයක කාලයක්වත් විදුලිය කැපිය යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරනවා.

එහි සභාපති අතුල වන්නිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ  පාරිභෝජනය ඉහළ යාම සහ ජල විදුලි උත්පාදනය පහත වැටීම හේතුවෙන් මෙවැනි විදුලි කප්පාදුවක් අවශ්‍ය වන බවයි.

එවැනි විදුලි කප්පාදුවකින් තොරව කොළඹ - නුවර ඇතුලූ ප්‍රධාන නගරවල ජල සැපයුම් පවත්වාගැනීමද ගැටළුවක් විය හැකි බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා අවධාරණය කළා.

මේ අතර සූර්ය කෝෂ ඇතුලූ ගෘහස්ථ විදුලි ජනනය දිරිමත් කිරීම සඳහා දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවී ඇති බව විදුලිබල මණ්ඩලයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂන ජයවර්ධන ප්‍රකාශ කළා.

ගෘහස්ථ විදුලි පාරිභෝජනය අඩු කිරීමේ පියවරක් ලෙස පිරිමැසුම්දායක විදුලි පරිහරණය සඳහා බිල්පතට වට්ටමක් ලබාදීම සඳහාද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.

මාසික විදුලි පාරිභෝජනය සියයට 10 කින් අඩු කරන පාරිභෝගිකයන්ට අදාළ වට්ටම ලබාදීමටයි කටයුතු කෙරෙන්නේ. හදිසි විදුලි අවශ්‍යතාවන් සඳහා යොදාගැනීමේ අරමුණින් පෞද්ගලික අංශයේ ඞීසල් බලාගාර තුනක්ද රජය විසින් මිලදී ගැනීමට පියවර ගැනෙනවා.

මේ අතර කළුතර ඇතුලූ ප්‍රදේශ රැසකට ජලය සපයන කළු ගඟට කරදිය මිශ්‍රවීම නිසා ඇතැම් ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේදී ගැටළු මතුවී ඇති බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.   

මේ අතර පානීය ජලය ලබාදෙන ලෙස ඉල්ලා හැටන් - වටවල - රොසැල්ල ගම්මානයේ පිරිසක් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රොසැල්ල මංසන්ධියේ අද උදෑසන උද්ඝෝෂණයක නිරතවුණා.


සතුරා හඳුනාගෙන ඇතැයි සමගි ජනබලවේගය කියයි
Saturday, 30 May 2020 - 20:17

සතුරා හඳුනා ගෙන ඇතැයි ජාතික සමගි ජනබලවේගය නියෝජනය කරන, හිටපු... Read More

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්
Saturday, 30 May 2020 - 20:00

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට... Read More

යටියන්තොටදී උගුලකට හසුවූ කොටියා ප්‍රතිකාර කර මුදා හැරේ
Saturday, 30 May 2020 - 19:53

යටියන්තොට සීපෝට් ප්‍රදේශයේදී උගුලකට හසුව සිටියදී මුදා ගත්... Read More