රාගම සහ මහඔය රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

Sunday, 27 March 2016 - 13:45

%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B6%94%E0%B6%BA+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රාගම සහ මහඔය ප්‍රදේශවලදී අද අලූයම සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කුරුකුලාව - රාගම මාර්ගයේ කුරුකුලාව දේවස්ථානය අසලදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන්  එහි පිටුපස ගමන් කළ 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එය පැදවූ පුද්ගලයා මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රාගම පොලීසිය සඳහන් කළේ.

මහඔය - ටැම්පාන - අබේලන්ද ප්‍රදේශයේදී අනෙක් අනතුර සිදුවුණේ මහඔය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි පාපැදියක ගැටීමෙන්.

අනතුරෙන් පාපැදිකරු ජීවිතක්ෂයට පත්වූ අතර යතුරුපැදිකරු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුරෙන් මියගියේ අබේලන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.


ත්‍රිපෝෂ තොග බෙදාහැරීම අඛන්ඩව (වීඩියෝ)
Monday, 01 June 2020 - 12:59

ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර කෙරුණද, පවතින තොග බෙදා හැරීම අඛණ්ඩව... Read More

එජාපය ක්‍රියාත්මක කරන්නේ න්‍යාය පත්‍රයක් - තිස්ස අත්තනායක
Monday, 01 June 2020 - 12:53

රජයේ කොන්ත්‍රාත්තුවක් මත එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමගි... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා පිටව යයි
Monday, 01 June 2020 - 12:46

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු පූර්ණ සුවය... Read More