සම්මත වේලාව වෙනස් කිරීමේ යෝජනාවක්

Monday, 28 March 2016 - 12:50

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වියලි කාලගුණයත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට පිළියමක් ලෙස සම්මත වේලාව වෙනස් කිරීමට යෝජනා කරන බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා.

එහි සභාපති කීර්ති වික්‍රමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම සතියේදී මේ පිළිබඳව සාකච්ඡාවක්ද පැවැත්වෙන බවයි.

පවතින වියලි කාලගුණය හේතුවෙන් මේ වනවිට දිනක විදුලි ඉල්ලූම මෙගාවොට් 200 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

සාමාන්‍ය දිනෙක විදුලි ඉල්ලූම වන්නේ මෙගාවොට් 2200 ක්.

කෙසේ නමුත් විදුලි පංකා සහ වායු සමීකරණ භාවිතය ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවී ඇති බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික්‍රමරත්න සඳහන් කළා.

මීට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ආණ්ඩු සමයේද  පැවති විදුලි අර්බුදයට පිලියමක් ලෙස සම්මත වේලාව වෙනස් කෙරුණා.

මෙවරද මෙවැනි යෝජනාවක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික්‍රමරත්න සඳහන් කළේ.


ඇඟලුම් අපනයන ආදායම 82%කින් පහළට
Monday, 25 May 2020 - 20:15

මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ආදායම සියයට... Read More

ඉන්දියාව, කොරෝනා වෛරසයට ගොදුරු වූ, මුල් පෙළ රටවල් 10 අතරට
Monday, 25 May 2020 - 20:08

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 6977 ක් වාර්තා... Read More

Monday, 25 May 2020 - 19:39

කොව්ඞ් 19 වෛරසය ව්‍යාප්තිවීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණපා... Read More