පළාත් ඇමතිවරයෙකු ගැන පරීක්ෂණයක්

Monday, 28 March 2016 - 12:54

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තම නිල රථය කුලියට වාහන ලබාදෙන ආයතනයකට යෙදවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සෝමවංශට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට වාර්තාවනවා.

ඊට අදාළව ඔහුගේ රියදුරන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි බස්නාහිර පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශගෙන් මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.

ඔහු කියා සිටියේ තම රියදුරා විසින් අදාළ රථය කුලියට වාහන ලබාදෙන ආයතනයකට යොදවා ඇති බවට තමාටද කරුණු වාර්තාවී ඇති බවයි.

ඔහු සේවයෙන් නෙරපීමටද කටයුතු කළ බව ද පළාත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කියා සිටියේ මෙවැනි වංචාවක් සම්බන්ධයෙන් තමාටද තොරතුරු ලැබී ඇති බවයි.



සෞඛ්‍ය අමාත්‍යාංශය තවත්, මාර්ගෝපදේශ 50ක් නීතිගත කරයි
Tuesday, 26 May 2020 - 7:34

රට සාමාන්‍යකරණයට ලක් කිරීමේදී ආයතනවල සේවක මණ්ඩලයේ සියළු... Read More

රටම අද යළි විවෘත වෙයි - නිරෝධායන නීති ඒ අයුරින්ම - මීටරය පැන්නොත් අත්අඩංගුවට
Tuesday, 26 May 2020 - 7:31

මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද සිට ඉවත් කෙරෙනවා. කොරෝනා... Read More