විදුලිය කැපීම අත්හිටවු හේතුව මෙන්න

Tuesday, 29 March 2016 - 7:48

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%94+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
විදුලිබල මණ්ඩලය විසින් ඊයේ පස්වරුවේ දිවයින පුරා පැය 3ක විදුලිය කප්පාදුවක් ප්‍රකාශයට පත් කොට ඉන් සුළු වේලාවකින් පසුව එය අත්හිටුවනු ලැබුවා.

ඊයේ සිට මාර්තු 31 වන දා දක්වා ක්‍රියාත්මක කරන බවට සදහන් වූ එම විදුලිය කැපීමේ කාලසටහන ද විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියේ පළ කෙරුණු අතර, පසුව එය ඉවත් කරගෙන තිබෙනවා.

අමාත්‍යාංශයේ අනුමැතිය නොලැබුණු බැවින් අදාළ විදුලිය කප්පාදුව නතර කළ බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ ප්‍රධාන කුඩා ජල විදුලි බලාගාර පද්ධතිය වැසි ලැබීමත් සමඟ සක්‍රියවීම හේතුවෙන් විදුලිය කැපීමේ සැලසුම අත්හිටවූ බවයි.

ජල විදුලි බලාගාර ආශ්‍රිතව ඇති ජල පෝෂක ප්‍රදේශවලට ද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි ඔහු සදහන් කළේ.

අදාළ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සකස් කළ කාලසටහන පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත්ව නොසිටියේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගෙන් ප්‍රශ්න කලා.

එහිදී ඔහු කියා සිටියේ දේශපාලන අධිකාරිය ගනු ලබන්නේ ප්‍රතිපත්තිමය තීරණ පමණක් බවයි.                       

මේ අතර, විදුලිය කැපීම වැනි ජනතාවට ඍජුවම බලපාන තීරණ ගැනීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට ඊයේ දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

විශේෂයෙන් අමාත්‍යාංශයේ නිර්දේශයක් නොමැති අවස්ථාවක විදුලිබල මණ්ඩලයට එවැනි අත්තනෝමතික තීරණවලට එළඹිය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.

මේ නිසා විදුලිය කැපීමක් ප්‍රකාශයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය ඊයේ ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ද අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇති බව සදහන්.

විදුලි අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ අමාත්‍ය අනු කමිටුව ද අවසන් වරට පස්වරු 1ට අරලියගහ මන්දිරයේදී අද යළි රැස්වනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ අදාළ රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳ අතුරු වාර්තාව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේනට භාර දීමට නියමිත බවයි.


කටාර් රාජ්‍යයේදී එකම පවුලේ, මව පියා සහ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව එළියට
Tuesday, 07 July 2020 - 17:14

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින්ම... Read More

කල්මුණේ වෙරළට ආ දැවැන්තයා යළි ගැඹුරු මුහුදට ගෙනගොස් දැමූ නාවික මෙහෙයුම (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 16:47

කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 16:37

අද ඔක්කොම කහ වතුරෙන් නාවල වගේ ගම්වලට ගොඩවදින බව ශ්‍රී ලංකා... Read More