පැහැර ගත් ඊජිප්තු ගුවන් යානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්

Tuesday, 29 March 2016 - 14:11

%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
අභ්‍යන්තර ගුවන් ගමනක නිරතව සිටියදී පැහැරගෙන සයිප්‍රසයට ගොඩබස්වා ඇති ඊජිප්තු ගුවන් යානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සිටින බව විදෙස් වාර්තා සදහන් කළා.

යානය පැහැර ගත් පුද්ගලයා මෙලෙස බෝම්බවලින් සන්නද්ධව සිටින බවයි වාර්තා වන්නේ.

එම්.එස්. 181 දරණ ඒ 320 වර්ගයේ මෙම මගී ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 62 දෙනෙකු සිටි බව වාර්තා වුණා.

ඉන් මගීන් 50 දෙනෙකු පමණ නිදහස් කර ඇති අතර විදේශීය මගීන් 4 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනා තවදුරටත් රදවාගෙන සිටින බව සදහන්.

ගුවන් කොල්ලකරු සිය ඉල්ලීම් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව ද සයිප්‍රස් පොලීසිය ප්‍රකාශ කළා.

මෙම මගී ගුවන් යානය පැහැර ගැනීමට ලක්වූයේ ඊජිප්තුවේ ඇලෙක්සෙන්ඩි‍්‍රයා නුවර සිට කයිරෝ බලා ගමන් ගනිමින් සිටින විටයි. 


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More