සයිප්‍රසයට ගොඩ බැස්ස වූ යානය පැහැරගත්තේ ඊජිප්තු ජාතිකයෙකු බවට හෙළි වෙයි

Tuesday, 29 March 2016 - 14:55

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අභ්‍යන්තර ගුවන් ගමනක නිරතව සිටියදී සයිප්‍රසයට ගොඩබස්වා ඇති ඊජිප්තු ගුවන් යානය පැහැරගත් පුද්ගලයා ඊජිප්තු ජාතිකයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

සයිප්‍රසයේ දේශපාලන රැකවල් අපේක්ෂාවෙන් තමන් මෙම පැහැර ගැනීම සිදුකළ බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එම්.එස්. 181 දරණ ඒ 320 වර්ගයේ මෙම මගී ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 62 දෙනෙකු සිටි බව වාර්තා වුණා.

ඉන් මගීන් 50 දෙනෙකු පමණ නිදහස් කර ඇති අතර විදේශීය මගීන් 4 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනා තවදුරටත් රදවාගෙන සිටින බව සඳහන්.

නිදහස් කළ මගීන්ගෙන් 08 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයින් වන අතර, ඒ බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

මෙම මගී ගුවන් යානය පැහැර ගැනීමට ලක්වූයේ ඊජිප්තුවේ ඇලෙක්සෙන්ඩි‍්‍රයා නුවර සිට කයිරෝ බලා ගමන් ගනිමින් සිටින විටයි.

මේ අතර, සයිප්‍රස් ගුවන් විදුලිය ප්‍රකාශ කළේ ගුවන් කොල්ලකරු සයිප්‍රසයේ සිටින හිටපු බිරිඳට පණිවුඩයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.


ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More

ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට
Sunday, 24 May 2020 - 13:14

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී... Read More

ඉන්දියාව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන්  සංඛ්‍යාව වාර්තා කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 10:55

ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,767ක්... Read More