ගුවන් යානා කොල්ලකරුගේ අමුතු මරාගෙන මැරෙන බඳපටිය

Wednesday, 30 March 2016 - 8:25

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B6%B3%E0%B6%B4%E0%B6%A7%E0%B7%92%E0%B6%BA
මගීන් 55 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හත්දෙනෙකු සමඟ ඊජිප්තුවේ ඇලෙක්සෙන්ඩි‍්‍රයා නුවර සිට කයිරෝ බලා ගමන් කරමින් තිබියදී ඊයේ ගුවන් යානයක් පැහැර ගත් පුද්ගලයා පැළදගෙන සිටි මරාගෙන මැරෙන බඳ පටිය ව්‍යාජ එකක් බවට අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම සයිප්‍රස්වල සිටින සිය හිටපු බිරිඳ බැලීමට යාම සඳහා ගුවන් යානය පැහැර ගත් බවට අදාළ පුද්ගලයා අනාවරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

යානය පැහැරගත් පුද්ගලයා එය සයිප්‍රසයේ ලනාකා ගුවන් තොටුපලට ගොඩබැස්සවූ අතර, පසුව ඔහු ඊජිප්තු ජාතිකයෙකු බව අනාවරණ වුණා.

යානය පැහැරගෙන ටික වේලාවකට පසු පළමුව මගීන් 50 දෙනෙකු පමණ නිදහස් කළා.

ඉන් බහුතරය ඊජිප්තු ජාතිකයන්. එහෙත් විදේශීය මගීන් හතරදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හත්දෙනා ඔහු විසින් එහිදී නිදහස් කළේ නැහැ.

පසුව මගීන් තුන්දෙනෙකු, කාර්ය මණ්ඩලයේ තුන්දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු පමණක් රඳවාගත් ඔහු සයිප්‍රසයේ සිටින තම හිටපු බිරිඳට පණිවුඩයක් ලබාදීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබුණා.

සයිප්‍රසයේ දේශපාලන රැකවල් අපේක්ෂාවෙන් තමන් මෙම පැහැර ගැනීම සිදුකළ බවට ගුවන් යානය පැහැරගත් පුද්ගලයා මුලින් ප්‍රකාශ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පැය කිහිපයකට පසු ප්‍රාණ ඇපයට ගෙන සිටි සියලූ පිරිස නිදහස් කෙරුණු අතර, පැහැරගැනීම සිදුකළ පුද්ගලයා ගුවන් යානයෙන් පිටතට පැමිණියා. ඔහු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වුණේ ඉන් අනතුරුවයි.



ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6,720,550ක්
Friday, 05 June 2020 - 20:06

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More

වරක් පමණක් භාවිත කළ බැහැර වන ප්ලාස්ටික් අද සිට කෙන්යාවේ තහනම්
Friday, 05 June 2020 - 16:51

එක් වරක් පමණක් භාවිත කළ හැකි සියලූ ප්ලාස්ටික් ද්‍රව්‍ය අද... Read More

කේරළයේ ගර්භනී කෙනෙරක ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට
Friday, 05 June 2020 - 16:05

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක්වූ ඉන්දියාවේ... Read More