කුමාර්ට පුරවැසිභාවය දෙන්න බැහැ

Wednesday, 30 March 2016 - 7:52

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා යැයි සැළකෙන කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබාදීමේ හැකියාවක් නැතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා.

ඔහු නීතිවිරෝධී ලෙස කටයුතු කර ඇති බැවින් මෙරට පුරවැසිභාවය ඉල්ලා සිටීමේ අයිතියක් හෝ එය ලබාදීමේ හැකියාවක් නැති බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ.

තමන්ට මෙරට පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලමින්  රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මීට පෙර අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම පෙත්සම ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවන ලැබූ අතර එම අවස්ථාවේදියි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මේ බව සඳහන් කළේ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නිතීඥවරයා දැනුම්දුන්නේ දේශපාලන කටයුතුවල නිරතව සිටින පෙත්සම්කරුට ජීවිත ආරක්ෂාව පිනිස වෙනත් නමක් භාවිත කරමින් විදේශ ගතවී ඇති බවයි.

කරුණු සළකා බැලූ අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත දේශන මැයි මස 24 වනදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස දැනුම්දුන්නා.


ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More