අමාත්‍ය පාඨලීගේ රථය අනතුරට ලක් වූ අවස්ථාවේ CCTV මැකී යයි

Wednesday, 30 March 2016 - 13:43

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+CCTV+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%93+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ජාතික හැඳුනුම්පත් අංකයට ලබාගෙන ඇති දුරකථන සම්බන්ධතා පිළිබඳව වාර්තා ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය අද පොලිසියට නියෝග කළා.

ඒ පසුගිය පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට පත් කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී වැලිකඩ පොලිසිය අධිකරණයට කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් පැය 7 ක ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ද වාර්තා ලබාගෙන ඇති බවයි.

සිද්ධිය වූ දිනයේ එම ස්ථානය අවට තිබූ සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂා කළ නමුත් ඒවායේ ඇතැම් දර්ශන මැකී ගොස් ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එමෙන්ම, මෙම අනතුරට සම්බන්ධ ජිප් රථයේ ධාවන කාල සටහන් ලබා ගන්නා ලෙස මීට පෙර අතිරේක මහේ්ස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් පිළිබඳ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් වැලිකඩ පොලිසිය කියා සිටියේ මෙම රථයට අදාළව ධාවන සටහන් නොමැති බවයි.





ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 16:27

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

විදෙස්ගතව සිට පැමිණෙන අය PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්න - ජනපතිගෙන් උපදෙස්
Thursday, 04 June 2020 - 15:51

විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට ලක්කර ප්‍රතිඵල ගුවන්... Read More

ජුනි, ජූලි මාස දෙක තුල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 15:45

ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ... Read More