ඇඹිලිපිටියේ හිටපු ASP ලබන මස 8 වනදා දක්වා රිමාන්ඩ්

Wednesday, 30 March 2016 - 14:39

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+ASP+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+8+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.සී. ධර්මරත්න ලබන මස 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහු අද ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු හමුවට යළි ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

මෙහිදි සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා තමාගේ කොන්දේ හට ගෙන ඇති ආබාධයක් සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ පිළිබදව සලකා බලන බවයි.

මේ අතර, තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා ඉදිරිපත් කළ ඇප අයදුම ඇඹිලිපිටිය මහාධිකරණය හමුවේ අද සලකා බැලූණා.

එහිදී ඇප අයදුම්පත සලකා බැලීම මැයි මස 10 වනදා දක්වා කල් දැමීමටයි ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි එන්. අබේරත්න නියෝග කළේ.


පාසල් බස් රථවලට පැවරෙන අලුත්ම රාජකාරිය (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

පාසල් බස් රථවලට පැවරෙන අලුත්ම රාජකාරිය (වීඩියෝ)පාසල් සිසුන්... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More

මාවතගම පළගැටියා දකුණු පළාතටත් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:11

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවූ පළගැටි විශේෂය මේ වනවිට... Read More