පැහැරගත් යානය තුල සිදුවූ අමුතුම දෙයක් ප්‍රසිද්ධ වෙයි

Wednesday, 30 March 2016 - 16:44

%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයා නුවර සිට කයිරෝ දක්වා ගමන් කරමින් තිබු ගුවන්යානයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් මේවන විට ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා.

යානය පැහැර ගැනීමට ලක්වු අවස්ථාවේ සිදුවු තවත් විශේෂිත කරුණක් පිළිබඳ මේවන විට හෙළිවී ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

එනම් යානය පැහැරගත් පුද්ගලයා සමග යානයේ ගමන් කල මගියකු ගත් සෙල්ෆි ඡායාරූපයක් මේවන විට අන්තර්ජාලයට එක්වී තිබීමයි.

එම ඡායාරූපයේ දැක්වෙන ආකාරයට යානය පැහැරගත් පුද්ගලයා පුපුරන ද්‍රව්‍ය පැළඳ සිටින ආකාරයක් ද දක්නට ලැබෙනවා.

මෙම සෙල්ෆි ඡායාරූපය ලබාගත් බෙන් ඉනස් නම් පුද්ගලයා ප්‍රකාශකර ඇත්තේ තමා මෙලෙස ඡායාරූපයක් ලබාගත්තේ අදාළ අවස්ථාවේ උද්යෝගීමත්ව සිටීමට බවයි.

පැහැරගත් පුද්ගලයාගේ බලපෑම් මත යානය සයිප්‍රස් වෙත ගොඩබැස්වීමෙන් අනතුරුව පැහැරගත් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ යානයේ සිටි මගීන් ඇතුලු පිරිස නිදහස් කරවීමෙන් ද අනතුරුවයි.

පසුව අනාවරණ වුයේ මෙම සැකකරු පැළඳ සිට ඇත්තේ පුපුරන ද්‍රව්‍ය නොවන බවයි.





ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More