චාමරට යලිත් සමන්ත එරෙහි වෙයි

Thursday, 31 March 2016 - 8:03

%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් සිදුකරන ලදැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි ඔහු මේ බව කියා සිටියේ.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඉල්ලා අස්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පසුගිය 25 වනදා ප්‍රකාශ කළා.

එසේම බදුල්ල හාලිඇල ප්‍රදේශයේ එදිනම පැවැති උත්සවයකදී මහ ඇමතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන් ඉල්ලා අස්වීමට නම් අධිකරණය හමුවේ වරදකරුවෙකු වී සිර දඩුවම් නියම කළ යුතු බවයි.

පසුගිය දිනක පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්  පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නොමනා තීරණ හේතුවෙන් රුපියල් ලක්ෂ 103ක මුදලක් පළාත් සභාවට අහිමිවී ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟ ප්‍රධාන අමාත්‍යවරයා සහ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා අතර වාග් සංග්‍රාමයක් ආරම්භ වුණා.

ඒ අනුව සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් පසුගිය දිනක මහ ඇමතිවරයා සීනිගම දේවාලයට ගොස් මිරිස් ඇඹරීමක ද නිරතවුණා.

මේ අතර හිරු ටී වී ඔස්සේ අද රාත්‍රියේ විකාශය වන බලය දේශපාලන සංවාදයට එක්වන්නේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නයි.


ඉදිරි පැය 24 තුළ පළාත් කිහිපයකට 200mm ඉක්ම වූ වැසි
Wednesday, 27 May 2020 - 7:24

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්... Read More

ඊයේ හදුනාගත් ආසාධිතයන් අතරින් 137 න් 127 ක්ම කුවේට් සිට පැමිණි අයයි
Wednesday, 27 May 2020 - 7:21

ආසාදිතයින් 137 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 57 ලක්ෂයට ආසන්න වෙයි
Wednesday, 27 May 2020 - 7:17

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 56 ලක්ෂ... Read More