අල්ලස් චෝදනා ලැබූ රේගු නිලධාරීන් දෙදෙනාට ඇප

Thursday, 31 March 2016 - 11:55

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
තීරුබදු නොගෙවා භාණ්ඩ නිදහස් කරදීම සඳහා රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අනෙක් රේගු නිලධාරීන් දෙදෙනා ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළා.

ඒ අනුව එක් අයෙකුට  රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මුදාහැර ඇත්තේ.

ඊට අමතරව මොවුන්ට විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවංලගු කර යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන බව ප්‍රකාශ කළා.

මෙම රේගු නිලධාරීන් දෙදෙනා අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත්තේ පෙබරවාරි මස 24වනදායි.

මෙම අල්ලස් වංචාවට මීට පෙර තවත් රේගු නිලධාරීන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර සිට පසුව ඇප මත මුදාහැරුණා. ශ්‍රී ලංගම බස් රථ සඳහා අමතර කොටස් ගෙන්වන සමාගමකට රුපියල් කෝටි 150 කට අධික තීරුබදු මුදලක් නොගෙවා රේගුවෙන් භාණ්ඩ නිදහස් කරදීම සඳහා මෙම රේගු නිලධාරීන් අල්ලස් ඉල්ලා ඇති බවටයි චෝදනා එල්ලවුණේ. 


මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More