කුමාර් ගුණරත්නම්ට වසරක සිරදඩුවමක්

Thursday, 31 March 2016 - 13:11

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටිීමේ චෝදනාවට වරදකරු වූ  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට වසරක ලිහිල් සිර දඩුවමක් අද නියමවුණා.

කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මෙම නඩුවේ තීන්දුව ලබාදෙමින් මොහුට  රුපියල් 50000 ක දඩයක්ද නියම කර තිබෙනවා.

ආගමන විගමන නිති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත කුමාර් ගුණරත්නම් පසුගිය නොවැම්බර් මස 05 වැනිදා අත්අඩංගුවට ගත්තේ කෑගල්ල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ රැදී සිටියදීයි.

මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (31) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව කුමාර් ගුණරත්නම්ගේ සිද්ධිය සම්බන්ධයෙන් පරස්පර මත ප්‍රකාශ කරන බවයි. 



විදෙස් නෞකාවල රාජකාරි කළ ශ්‍රී ලාංකික සිවිල් නාවිකයින් පිරිසක් අද ගුවනින් දිවයිනට
Saturday, 06 June 2020 - 7:38

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ විදෙස් නෞකාවල රාජකාරි කළ ශ්‍රී... Read More

කෝටියක හෙරොයින් සමඟ දෙමටගොඩදී පුද්ගලයක් අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 7:33

රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම්... Read More

ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්
Saturday, 06 June 2020 - 7:27

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1801 දක්වා ඉහළ ගොස් තිබෙනවා.... Read More