දුෂණයට ලක්වු තවත් දැරියක් දිවි නසා ගැනීමට තැත් කරයි

Friday, 01 April 2016 - 7:52

%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තරුණයකු අතින් දුෂණයට ලක්වු 16 හැවිරිදි දැරියක් සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ සිදුවීමක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

සිරුරට ගිනි තබා ගනිමින් සිය දිවි නසා ගැනීමට තැත්කල මෙම දැරිය බරපතල තුවාල ලබා ඇති බවයි ඉන්දීය පුවත් සේවා සඳහන් කලේ.

ඇයගේ සිරුරින් සියයට 40 කට වැඩි ප්‍රමාණයක් පිලිස්සී ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබෙනවා.

එමෙන්ම මෙම 16 හැවිරිදි දැරියගේ තත්වය බරපතල බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

පසුගිය අගහරුවාදා මෙම දැරිය තනිව නිවසේ සිටි අවස්ථාවේ සැකකාර තරුණයා පැමිණ ඇය දුෂණය කර තිබෙනවා.

ඒ සැකකරුගේ මිතුරකු නිවසේ ගේට්ටුව අසල මුරකාවලේ යොදවමින්.

තරුණියගේ සොහොයුරා පැමිණිම හේතුවෙන් සැකකරු එම ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.

එම අවස්ථාවේදීම දුෂණයට ලක්වු දැරිය සිරුරට ගිනි තබාගෙන ඇති බවයි ඉන්දී ආරක්ෂක අංශ අනාවරණ කරගෙන ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉතාලිය අභිබවයි
Saturday, 06 June 2020 - 10:29

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායකයා ප්‍රංශ හමුදා මෙහෙයුමකින් ජීවිතක්ෂයට
Saturday, 06 June 2020 - 9:43

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක අබ්ඩෙල්මලෙක් ඩ්‍රොවුක්ඩෙල්,... Read More

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6,720,550ක්
Friday, 05 June 2020 - 20:06

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More