ලොව තරබාරු ජනගහනය ඉහළ යයි

Friday, 01 April 2016 - 9:40

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පසුගිය දශක 4 ක කාලය තුළ ලොව තරබාරු වැඩිහිටි ජනගහනය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ලෝකයේ රටවල් 186 ක දත්ත ආශ්‍රයෙන් ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යා ආයතනයේ විද්‍යාඥයන් සිදුකළ මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ 1975 වසරේ මිලියන 105 ක් වූ ලොව තරබාරු වැඩිහිටි සංඛ්‍යාව 2014 වසරේදී මිලියන 641 ක් වී ඇති බවයි.

එම කාලය තුළ බර අඩු වැඩිහිටියන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ මිලියන 330 සිට මිලියන 462 දක්වායි.

ලොව තරබාරු වැඩිහිටි පිරිමි ජනගහනය 1975 වසරේදී සියයට 3 යි දශම 2 ක් වූ අතර 2014 දී එය සියයට 10 යි දශම 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තරබාරු කාන්තා ප්‍රතිශතය එම කාලය තුළ සියයට 6 යි දශම 4 සිට සියයට 14 යි දශම 9 දක්වා ඉහළ ගොස් ඇති බවයි අධ්‍යයනයෙන් වැඩිදුරටත් හෙළි වී ඇත්තේ.


ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More

කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More