UPDATE: වැල්ලවත්තෙන් ඇල්ලූ ඉන්දියානුවන් 6 දෙනෙකුගේ වකුගඩු ඉවත් කරලා

Friday, 01 April 2016 - 11:13

UPDATE%3A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
වකුගඩු ජාවාරමට සම්බන්ධව වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් 8 දෙනාගෙන් 6 දෙනෙකුගේම වකුගඩු ඉවත් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ මීට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (01) කැදවූ අවස්ථාවේදීයි.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙම ඉන්දීය ජාතිකයින් 8 දෙනා පිළිබදව ලබා ගත් අධිකරණ වෛද්‍ය වාර්තාවේ මේ බව සදහන් වන බවයි.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්, ලබන 4 වනදා දක්වා ඔවුන් රදවා තබා ගන්නා ලෙසටයි කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම්දී ඇත්තේ.

මෙම නඩුව යළිත් ලබන 4 වනදා විභාග ගැනීමට නියමිතයි.

පසුගිය මස 4 වනදා වැල්ලවත්ත සහ හැව්ලොක් ටවුන් ප්‍රදේශවලදී මෙම ඉන්දීය ජාතිකයින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සදහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ද ඉදිරිපත් කෙරුණා.

ඉන් අනතුරුව සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර, මහේස්ත්‍රාත්වරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙසයි.

ඒ අනුවයි අද දිනයේදී අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.





කොවිඩ්-19 වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 11:21

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇරඹේ
Wednesday, 27 May 2020 - 11:19

කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය... Read More

ඇමැතිතොණ්ඩමන්ගේ අවසන් කටයුතු 31 වන දා
Wednesday, 27 May 2020 - 11:04

හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ... Read More