අගමැතිගේ චාරිකාව ගැන චීනයෙන් සුබවාදී බලාපොරොත්තු

Friday, 01 April 2016 - 12:55

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එළඹෙන චීන චාරිකාවේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රමෝපාය සහයෝගිතා සම්බන්ධතාව නව මානයකට රැගෙන යාමට හැකිවනු ඇතැයි චීනය විශ්වාසය පළ කරනවා.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක හොං ලෙයි සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ චාරිකාවේදී එම උපයෝගිතා සබඳතාවන් ගැඹුරු ලෙස වර්ධනය කරලීමට අවකාශ ලැබෙනු ඇති බවයි.

චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිතුරු සබඳතාවන් ශක්තිමත් ලෙස පවත්වාගෙන යනු ලබනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන සුබවාදී ප්‍රතිපත්ති ප්‍රශංසාවට ලක් කළ හැකි බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා කියා සිටියේ.

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන අප්‍රේල් 6 වනදා සිට 9 වනදා දක්වා චීනයේ සංචාරයක නිරත වන්නේ එරට අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් ගේ ආරාධනයකට අනුවයි.

චීන නායකයන් සහ අග්‍රාමාත්‍යවරයා අතර, පැවැත්වෙන සාකච්ඡාවලදී දෙපාර්ශවයටම බලපාන ද්වීපාර්ශවික කරුණු සම්බන්ධයෙන් විවෘත අදහස් හුවමාරුවක් සිදුවනු ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා.


රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More