හෙරොයින් කිලෝ 101ක් සමග විදේශිකයන් 14 දෙනෙකු අත්අඩංගුවට (ඡායාරුප)

Saturday, 02 April 2016 - 7:52

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+101%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%29
ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 101ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුවයි.

අදාළ යාත්‍රාවේ සිටි පාකිස්තාන ජාතිකයෙකු සහ ඉරාන ජාතිකයින් දස දෙනෙකු ඇතුළු 14 දෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

මෙම ජාවාරම ශ්‍රී ලංකාවේ නියෝජිතයන් හා එක්ව පාකිස්තාන සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයන් විසින් පවත්වාගෙන යන බව දැනට හෙළි වී තිබෙනවා.

හෙරොයින් පාකිස්තානයේ සිටයි ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ.

දක්ෂිණ අධිවේගී මාර්ගය යොදාගෙන ඒවා කොළඹට රැගෙන එන බවත් අනාවරණ වී ඇතැයි නාවික හමුදාව ප්‍රකාශ කළා.

මෙම මෙහෙයුමට නාවික හමුදාවේ නන්දිමිත්‍ර සහ මිහිකත නෞකාව මෙන්ම ප්‍රහාරක යාත්‍රා කිහිපයක් ද එක්වූ බව නාවික හමුදාව නිවේදනය කළා.



මාවතගම පළගැටියා දකුණු පළාතටත් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:11

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවූ පළගැටි විශේෂය මේ වනවිට... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 20:50

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කරන්න මැතිවරණ කොමිසම ඉදිරි දෙදින තුළ රැස්වනවා (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 20:31

මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම ඇතුළු ඉදිරි කටයුතු පිළිබඳ... Read More