පොලීසිය එනතුරු පෙරටුගාමීන් සුදානමින්

Saturday, 02 April 2016 - 12:32

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් හඳුනා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

පොදු දේපළ පනත යටතේ ආගමන විගමන කාර්යාලයේ දේපළ වලට සිදුවූ හානිය සම්බන්ධයෙන් අවදානය යොමු කර මෙම විමර්ශන කටයුතු සිදුකරන බවයි මරදාන පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, පොදු දේපළ පනත යටතේ පොලීසියේ පරීක්ෂණ පවත්වන කණ්ඩායම සිය සාමාජිකයන් හමුවන තෙක් තමන් ද බලා සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සදහන් කළා.

කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ - ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවැත් වූ විරෝධතාවය අතරතුරදී ඊයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ, විරෝධතාකරුවන් බලහත්කාරයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟයි.

එහිදී පොලීසිය සමඟ ඇති වූ ගැටුමෙන් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ද තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.



Wednesday, 03 June 2020 - 11:56

මිරිස්සේදී "සන්ෂයින් සුද්දා"ට වෙඩි තැබීමේ සිද්ධියට අදාල ප්‍රධාන... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 64 ලක්ෂය ඉක්මවයි
Wednesday, 03 June 2020 - 11:39

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 64 ලක්ෂ... Read More