බෝම්බ ගැන නොදන්නා බව රහස් පොලිසියට ගිය ජී.එල් කියයි

Saturday, 02 April 2016 - 18:50

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යාපනය - චාවකච්චේරි ප්‍රදේශයේ නිවසකින් සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුලූ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව කරුණු විමසීමට හිටපු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් අද (02) රහස් පොලීසියට කැඳවා තිබුණා.

 ඔහු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, සී.බී. රත්නායක, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි මෙන්ම නාමල් රාජපක්ෂ ද එම ස්ථානයට පැමිණ සිටියා.

මෙම පුපුරණ ද්‍රව්‍ය වැල්ලවත්ත ප්‍රදේශයට රැගෙන ඒමට සැළසුම් කර තිබූ බවට කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිටපු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව මේ පිළිබදව තමාගෙන් ප්‍රශ්න කළ බවයි ඔහු සදහන් කළේ. ආරක්ෂාවට බලපාන කරුණු පිළිබද පරීක්ෂණ සිදු නොකර ආණ්ඩු විරෝධී දේශපාලනඥයන් මර්දනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට හිටපු විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළා.

එම ස්ථානයේ සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද මාධ්‍ය වෙත අදහස් පළ කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ද පිළිතුරු ලබාදෙමින්.

ආණ්ඩුව ගල් යුගයේ සිටින බවට ඔහු එහිදී චෝදනා කළා.   

එම ස්ථානයට පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කිරීම ආණ්ඩුවට ගැටලූවක් වී ඇති බවයි.



මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More