හින්දු දෙවොල කාන්තාවන්ට තවදුරටත් තහනම්

Sunday, 03 April 2016 - 8:20

%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මුම්බායි මහාධිකරණය මගින් කාන්තා අයිතිය තහවුරු කරමින් නියෝගයක් ලබාදුන්නද ඉන්දියාවේ බටහිර මහාරාෂ්ඨ ප්‍රාන්තයේ හින්දු දෙවොලකට ඇතුලූවීම කාන්තාවන්ට තවදුරටත් තහනම් වී තිබෙනවා.

අදාළ නියෝගය අනුව කාන්තා ක්‍රියාකාරීන් 100 ක පමණ පිරිසක් ශානි සිංගන්පූර් හින්දු දෙවොලට ඇතුලූවීමට ඊයේ උත්සාහයක නිරතවුණා.

එහෙත් දැඩි මතධාරී හින්දු කණ්ඩායම් ඔවුන් ඊට ඇතුලූවීම වළක්වා තිබෙනවා.

කෙසේ නමුත් මිහිකත වෙනුවෙන් සටන් වදින කාන්තාවෝ යන අරුත් ඇති භූමටා රන්රාජිනී බලකාය නැමති කාන්තා සංවිධානය තමන්ට දෙවොලට ඇතුලූවීම සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇති බව සඳහන්.

ඉන්දියාවේ ඇතැම් හින්දු දෙවොල්වලට කාන්තාවන්ට ඇතුලූවීම තහනම් වී ඇත්තේ සියවස් ගණනක සිටයි.

කෙසේ නමුත් කාන්තා ක්‍රියාකාරී සංවිධානය මුම්බායි මහාධිකරණය වෙතින්  නියෝගයක් ලබාගත්තේ එම හින්දු දෙවොලට ඇතුලූවීමටයි.

ඒ සඳහා යළි උත්සාහයක නිරතවන බව භූමරා රන්රාජිනිී බලකාය ප්‍රකාශ කර තිබෙනවා.


ලොව පුරා කොරෝනා ආසාදිතයින් 3,370,044ක් සුවය ලබයි
Saturday, 06 June 2020 - 20:00

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 6,876,381 දක්වා... Read More

ඉන්දුනීසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් අද වාර්තා වේ
Saturday, 06 June 2020 - 16:33

දිනක් තුළදී ඉන්දුනීසියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින්... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉතාලිය අභිබවයි
Saturday, 06 June 2020 - 10:29

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More