හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදේශිකයන් දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Sunday, 03 April 2016 - 9:12

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
ශ්‍රී ලංකාවට මුහුදු මගින් හෙරොයින් රැගෙන එන ජාවාරමට සම්බන්ධ තවත් දේශීය සහ විදේශීය පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳ තොරතුරු හෙළිවී ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

ජාත්‍යන්තර පොලීසියේද සහය ඇතිව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 110 ක් සමඟ දකුණු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 14 දෙනා  තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

ඔවුන් දින 7 ක් රඳවාගැනීමට කොළඹ - කොටුව මහේස්ත්‍රාත්වරිය ඊයේ අවසර ලබාදුන්නා.

මීට අමතරව අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර සිටින විදේශීය ජාතිකයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ රටවල තානාපති කාර්යාල දැනුවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණවලදී හෙළිකර ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය හරහා මෙලෙස මත්කුඩු දිවයිනට රැගෙන විත් ඇති බවටයි.


සතුරා හඳුනාගෙන ඇතැයි සමගි ජනබලවේගය කියයි
Saturday, 30 May 2020 - 20:17

සතුරා හඳුනා ගෙන ඇතැයි ජාතික සමගි ජනබලවේගය නියෝජනය කරන, හිටපු... Read More

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්
Saturday, 30 May 2020 - 20:00

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට... Read More

යටියන්තොටදී උගුලකට හසුවූ කොටියා ප්‍රතිකාර කර මුදා හැරේ
Saturday, 30 May 2020 - 19:53

යටියන්තොට සීපෝට් ප්‍රදේශයේදී උගුලකට හසුව සිටියදී මුදා ගත්... Read More