ටෙලි නිළියගේ මරණයට හේතුව හෙළි වෙයි

Sunday, 03 April 2016 - 9:35

%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වු ප්‍රතියුෂා බනර්ජිගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණ වී තිබෙනවා.

ඒ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.

ඇය සිය නිවසේ ගෙළ වැළලාගෙන මියගොස් තිබුන ද ආරක්ෂක අංශ සැක පළකරනු ලැබුවේ එය ඝාතනයක් විය හැකි බවටයි.

ඒ අනුව සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබුනා.

කෙසේවෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ මෙම ටෙලි නාට්‍ය නිළියගේ මරණයට හේතුව ගෙළ සිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුව බවයි.

පැය 3 කට වැඩි කාලයක් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා.

සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි ඉන්දීය පුවත් සේවා සඳහන් කලේ.

කෙසේවෙතත් මෙය සිය දිවි නසා ගැනීමක් ද යන්න වෛද්‍යවරුන් මෙතෙක් තහවුරු කර නැහැ.

සිය නිවසේ ගෙල වැලලාගෙන සිටියදී මුලින්ම හමුවී ඇත්තේ ඇයගේ පෙම්වතාටයි.

පසුව ඇය රෝහල්ගත කල ද ඒවන විටත් ඇය මියගොස් සිටි බවටයි හෙළිවී ඇත්තේ.

මෙම සිද්ධිය පිළිබඳ ටෙලි නිළියගේ පෙම්වතාගෙන් ද ප්‍රශ්ණ කර තිබෙනවා.

ඇයගේ සමකාලීන මිතුරු මිතුරියන් මෙන්ම ක්ෂේත්‍රයේ පිරිස් පෙන්වා දෙන්නේ ප්‍රතියුෂා බනර්ජිට දිවි නසා ගැනීමට තරම් හේතුවක් නොමැති බවයි.

ඇය ප්‍රශ්ණවලට මුහුණ දෙන ශක්තිමත් චරිතයක් බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.



ඉන්දියාවෙන් මොස්කව් ගිය ගුවන් යානයක නියමුවාටත් කොරෝනා
Saturday, 30 May 2020 - 20:22

රුසියාවේ රැදී සිටින ඉන්දියානුවන් පිරිසක් රැගෙන ඒම සඳහා නවදිල්ලි... Read More

ජයලලිතාගේ ධනය මාධ්‍යවේදිනියකට
Saturday, 30 May 2020 - 14:14

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිවරිය ලෙස දීර්ඝ කාලයක්... Read More

මාලි - ජගත් සාම සාධක භටයන් දෙදෙනෙකුත්, කොරෝනාවට බිළිවෙයි
Saturday, 30 May 2020 - 13:18

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස්... Read More