වරාය නගරය ඉදිකිරීම් පමාවට චීන සමාගම වන්දි ඉල්ලයි

Sunday, 03 April 2016 - 12:54

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පමාවීම හේතුවෙන් එහි ඉදිකිරීම් සමාගම ලක් රජයෙන් වන්දි මුදලක් ඉල්ලා තිබෙනවා.

වත්මන් රජය පත්වීමෙන් අනතුරුව වරාය නගර ව්‍යාපෘතියේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටවූ අතර, නැවතත් ඒ සඳහා අනුමැතිය ලබාදුන්නේ නව පාරිසරික ඇගයීම් වාර්තාවක් සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.

මෙලෙස වසරකට වැඩි කාලයක් ඉදිකිරීම් පමාකිරීමට සිදුවීම සම්බන්ධයෙන් අදාළ චීන සමාගම  ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 125 ක වන්දි මුදලක් ඉල්ලා ඇති බවයි වාර්තාවන්නේ.

එසේ නැතහොත් දැනට නියමිත ප්‍රමාණය ඉක්මවා මුහුද ගොඩකිරීම් සඳහා ඔවුන් අවසර ඉල්ලා ඇති බව සඳහන්.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට ලක් රජය කටයුතු කරමින් සිටිනවා.

අග්‍රාමාත්‍යවරයාගේ චීන සංචාරයේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිතයි.

මේ පිළිබඳව අප කළ විමසීමකදී මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එලෙස වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාව සූදානම් නොමැති බවයි.


කොරෝනා ආසාදිතයින් 1801ක් - 19ක් අදත් සුවය ලබයි
Friday, 05 June 2020 - 18:56

තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Friday, 05 June 2020 - 18:06

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More