විදේශ සේවයේ ප්‍රතිසංවිධානයක්

Sunday, 03 April 2016 - 13:07

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙරට විදේශ සේවාව ප්‍රති සංවිධාන කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා.

මේ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවේ තානාපති නියෝජනයක් නොමැති රටවලටද නියෝජිතයන් නම් කෙරෙන අතර, ඔවුන් කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිට ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ විදෙස් තානාපති සේවා සඳහා පිරිවැය අවම කරගැනීමටත් තානාපති කටයුතු ක්‍රමවත් කිරීමත් මෙම වැඩපිළිවෙලේ අරමුණ බවයි.

මෙලෙස තානාපති සම්බන්ධතා මෙරට සිට මෙහෙයවන රටවල් කවරේද යන්න මෙතෙක් තීරණය කර නැහැ.

එහිදී අදාළ රටවල් සඳහා ශ්‍රී ලංකාවෙන් පත් කරන නියෝජිතයා කොළඹ සිට එම රට සම්බන්ධයෙන් මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිත අතර, වසරකට කිහිපවරක් අදාළ රටට ගොස් එහි කටයුතු සොයාබැලීමට නියමිතයි.

අදාළ වැඩපිළිවෙල මේ වනවිටත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදෙස් පරිපාලන අංශය මගින් සකස් කරමින් පවතින බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඊට අමතරව මෙලෙස ශ්‍රී ලංකාවේ සිට තානාපති කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් අදාළ විදෙස් රටවල අනුමැතිය ලබාගැනීමටද නියමිතයි.


කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More