කොළඹ CCTV අද සිට වැඩ

Monday, 04 April 2016 - 6:46

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+CCTV+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
කොළඹ නගරය තුළ සවිකර ඇති සී සී ටී වී කැමරා හරහා මාර්ග නීති කඩකරන රියදුරන් පිලිබඳ තොරතුරු ලබාගැනීම අද සිට ආරම්භ කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  සඳහන් කලේ මේ වන විට  ක්‍රියත්මක කරන මාර්ග නීති කඩකරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු මේ යටතේ පුලුල් කිරීමට අපේක්ෂා කරන බවයි.

සී සී ටී වී කැමරා මගින් ලබාගන්නා දර්ශන භාවිත කරමින් ඉදිරියේදී මාර්ග නීති කඩ කිරීම් වලට එරෙහිව නීතිමය පියවර ගැනීමේ කටයුතු ක්‍රියත්මක වන බවයි රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ.

ඒ අනූව පොලිස් නිලධාරියකු විසින් නිරීක්ෂණය නොකලද සී සී ටී වී කැමරාවේ පටිගත වන දර්ශන මත එම රියදුරන්ට එරෙහිව පියවර ගැනෙනු ඇති.

ඒ සඳහා කොළඹ නගරය තුළ ස්ථාපිත කර ඇති සී සී ටී වී කැමරා 105 ක් භාවිත කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර වශයෙන් භාවිත වන මෙම ක්‍රමවේදය මෙරටට හදුන්වා දෙනු ලබන්නේ පළමු වරටයි.


පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි
Saturday, 30 May 2020 - 14:16

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීමත්... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 27ක් සුවය ලබයි - සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 781ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 13:59

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලින් අනතරුව සුවය ලැබූ සංඛ්‍යාව... Read More

ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ, මාර්ෂල් පෙරේරා අද... Read More