ත්‍රිකුණාමලයේ ළිඳකින් මල්ටි බැරල් උණ්ඩ මතුවෙයි

Monday, 04 April 2016 - 7:19

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ත්‍රිකුණාමලය - සාම්පූර් - 7 කොටස ප්‍රදේශයේ ළිඳක තිබී මල්ටි බැරල් අවි වලට යොදා ගන්නා උණ්ඩ 44ක් සොයාගෙන තිබෙනවා.

සාම්පූර් 7 කොටස ප්‍රදේශය පිළිසකර කිරීමෙන් පසුව එහි නැවත පදිංචි කිරීම් සිදුකරනු ලැබුවේ පසුගිය සතියේයි.

එම ඉඩම්වල පදිංචියට ආ පුද්ගලයෙකු ගෙවත්තේ තිබූ ළිඳක් නැවත පිළිසකර කිරීමට ගිය අවස්ථාවේදී මෙම උණ්ඩ සොයාගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මල්ටි බැරල්වලට යොදා ගන්නා මෙම උණ්ඩ යුද්ධය පැවැති සමයේ ළිඳට දමා ඇති බවටයි දැනට සැක පළ කරන්නේ.

මේ අතර යාපනය - චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක තිබී පසුගිය දා සොයා ගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.

ඔහු පුනරුත්ථාපනය නොවූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු බවටයි දැනට සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ.

පසුගිය බදාදා චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ක්ලේමෝ බෝම්බ 4ක් පතොරොම් 100ක් සහ පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් 3ක් සොයා ගත්තා.



මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More

මුහුදට ගසාගෙන ගිය කෝටි 89 ව්‍යාපෘතිය (වීඩියෝ)
Sunday, 31 May 2020 - 20:21

ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි  ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ ඛාදනය... Read More