කෝටි 100 කුඩු ජාවාරමේ ප්‍රධාන සැකකරු කොටු

Monday, 04 April 2016 - 7:28

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+100+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94
දකුණු මුහුදේදී පොලිස් භාරයට ගනු ලැබූ රුපියල් කෝටි 100 කුඩු ජාවාරමේ ප්‍රධාන සැකකරු  කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට  ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මොහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී අද අලූයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොහු කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි මොහොමඞ් මුවාස් මොහොමඩ් නැමති පුද්ගලයෙක්.

ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 110ක් දකුණු මුහුදේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුවයි.

අදාළ යාත්‍රාවේ සිටි පාකිස්තාන ජාතිකයෙකු සහ ඉරාන ජාතිකයින් දස දෙනෙකු ඇතුළු 14 දෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කෙරෙනවා.


කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More