යාල යනව නම් - මෙයත් දැන ගන්න

Monday, 04 April 2016 - 8:00

%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BA%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1++%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
යාල ජාතික වනෝද්‍යානය තුළට ඇතුලූවන රථවාහනවලට නව කොන්දේසි පනවන බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් සුමිත් පිලපිටිය පවසනවා.

ඔහු කියා සිටියේ වන සතුන්ගේ ආරක්ෂාව සහ සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඉදිරි පාසල් නිවාඩු සමයේදී සැළකිය යුතු සංචාරකයන් පිරිසක් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙනවා.

එම නිසා සෆාරි ජීප් රථ රියදුරන් සහ ඔවුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කර මෙම කොන්දේසි පැනවීම සිදුකරන බවයි වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ අනුව සෆාරි ජීප් රථ මේ මස 10 වනදාට පෙර වනජීවී දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

මෙලෙස ලියාපදිංචි කිරීමෙන් අනතුරුව නව කොන්දේසි මාලාව රියදුරන් වෙත ලබාදෙන අතර ඒවා උල්ලංඝනය කරන රියදුරන් අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක කරන බවයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේ.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More