යාල යනව නම් - මෙයත් දැන ගන්න

Monday, 04 April 2016 - 8:00

%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BA%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1++%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
යාල ජාතික වනෝද්‍යානය තුළට ඇතුලූවන රථවාහනවලට නව කොන්දේසි පනවන බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් සුමිත් පිලපිටිය පවසනවා.

ඔහු කියා සිටියේ වන සතුන්ගේ ආරක්ෂාව සහ සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඉදිරි පාසල් නිවාඩු සමයේදී සැළකිය යුතු සංචාරකයන් පිරිසක් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙනවා.

එම නිසා සෆාරි ජීප් රථ රියදුරන් සහ ඔවුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කර මෙම කොන්දේසි පැනවීම සිදුකරන බවයි වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ අනුව සෆාරි ජීප් රථ මේ මස 10 වනදාට පෙර වනජීවී දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

මෙලෙස ලියාපදිංචි කිරීමෙන් අනතුරුව නව කොන්දේසි මාලාව රියදුරන් වෙත ලබාදෙන අතර ඒවා උල්ලංඝනය කරන රියදුරන් අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක කරන බවයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේ.


ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිටි ශ්‍රී ලාංකිකයින් 286 දෙනෙකු දිවයිනට
Saturday, 30 May 2020 - 7:01

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී... Read More

9 සිට පැය 18 ක කාලයක් කොළඹ ජල සැපයුම අත්හිටුවයි
Saturday, 30 May 2020 - 6:33

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද  උදෑසන 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම... Read More

පළාත් කිහිපයකට අද තද වැසි
Saturday, 30 May 2020 - 6:09

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More