ඉන්දීය ජාතිකයින් 8 දෙනා වකුගඩු ලබාදුන් බවට පිළිගනී

Monday, 04 April 2016 - 11:30

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඉන්දු - ශ්‍රී ලංකා වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ඉන්දීය ජාතිකයින් 8 දෙනාගෙන් හයදෙනෙකු මෙරට පෞද්ගලික රෝහල්වලදී සිය වකුගඩු ලබාදුන් බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පිළිගෙන තිබෙනවා.

ඒ අද මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.

මෙම නීතීඥවරයා තවදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික රෝහල් තුනකදී  මෙම සැත්කම් නීත්‍යානුකුලව සිදුකර ඇති බවයි.

ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිව තිබූ බවද ඔහු පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මෙම ඉන්දියන් ජාතිකයන් අටදෙනා මේ මස 18 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.


දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ට අයත් වාහන 07ක් සොයා ගැනේ (වීඩියෝ)
Thursday, 09 July 2020 - 20:24

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාකොටික්... Read More