කාන්තාවකගේ මොලයට අධික කෝපය දරාගන්න බැරි වෙයි

Monday, 04 April 2016 - 13:05

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පහරකෑමට ලක්ව ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් ගතව සිටියදී මියගිය කාන්තාවගේ මරණයට හේතුව අධික කෝපය නිසා කුඩා මොළය ඉදිමීමෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

ඊයේ හලාවත රෝහලේදී මෙලෙස මියගොස් තිබුණේ හලාවත - නල්ලදරන්කට්ටුව පාන්කුලාව ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි දෙදරු මවක්.

පසුගිය 29 වනදා මෙම කාන්තාව, අසල්වැසි කාන්තාවක් සමඟ ගැටුමකට මැදිවී ඇත්තේ ඇය පාන්කුලාව ගම්මානයේ පිහිටි දේවාලයක් පිරිසිදු කරමින් සිටියදියි.

එහිදී අදාළ කාන්තාව මියගිය කාන්තාවට රීප්පයකින් පහරදී ඇති අතර, පහරකෑමට ලක්වූ කාන්තාව ඒ සම්බන්ධයෙන් හලාවත පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳව පොලීසිය පරීක්ෂණයක් සිදුකළත් සැකකාරියට එරෙහිව නීතිමය පියවර ගැනීම අනවශ්‍ය බවයි මියගිය කාන්තාව පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව පොලීසිය විසින් දෙපාර්ශවයට අවවාද කර සිද්ධිය සමථයකට පත්කර තිබෙනවා. එහෙත් මෙම කාන්තාව පසුගිය පළමුවනදා හලාවත රෝහලට ඇතුළත් කර ඇත්තේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.

එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්වුණා.

පසුව හලාවත වැඩබලන මහේස්ත්‍රාත් නිහාල් සුමනවීරගේ නියෝගය මත කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරනු ලැබුවේ හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඞී.කේ. විජේවර්ධන විසින්.  



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More