මයෝමි සංජීවනීගේ අතුරුදන්වීම පිටුපස ප්‍රබල හස්තයක් ? - Part 04 (Exclusive)

Monday, 04 April 2016 - 15:39

%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%B8%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3F+-+Part+04+%28Exclusive%29
අකුරැස්‌ස විල්පිට නිල්වලා ගුරු අභ්‍යාස විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබු මයෝමි සංජීවනිගේ අතුරුදන් විම සම්බන්ධCID  පරික්ෂණ  සිදුකරන ආකාරය පිළිබද සැකයක් මතුව ඇතැයි පවසමින් ඇයගේ මව  අද  ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කලා.

අදාළ නඩුව සම්බන්ධයෙන් ඉදිරියේදී පෙනී සිටිමට නියමිත නීතීඥ උදුල් ප්‍රේමරත්න ප්‍රමුඛ නීතීඥවරුන් පිරිසක්ද එම අවස්ථාවට  එක්වුණා.

මෙහිදී අදාළ පෙත්සම මගින් මයෝමිගේ මව දන්වා සිටියේ සිය දියණියගේ අතුරුදන්වීම පිළිබද දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ මන්දගාමි බවයි.

එම පෙත්ම මගින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම සිද්ධියෙහි විමර්ෂණ කටයුතු යට ගැසීමේ අරමුණු කොට ගෙන කිසිදු සාධාරණ හේතුවකින් තොරව මීට පෙර මෙම සිදුවීම විමර්ෂණය කරන ලද මාතර ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති වරුණි බෝගහවත්ත  විසින්  තමා කරන ලද පැමිණිලෙහි විමර්ෂණයෙහි තමන්ද සැක කාරියක් ලෙස නම් කර  මාස 3 කට රිමාන්ඩි බන්ධනාගාර ගත කල බවයි.  

යම් අවස්ථාවකදී  පොලිසීය විවිද සිද්ධි වලට අදාළ  විමර්ෂණ කටයුතු ප්‍රමාද කරන්නේ නම් එය පිටුපස  දේශපාලන හෝ යම් බලවේගයක්  සිටිය යුතු බවයි නීතීඥ උදුල් ප්‍රේමරත්නෙ පැවසුවේ.

හක්මන මයෝමි සංජීවනී අතුරුදන්විම පිටුපස ද එවැන්නක් සිදුවිය හැකි බවට නීතීඥවරයා සැක පලකරනවා.

2013 වසරේ සැප්තැම්බර් 20 වනදා අතුරුදන්වු  මයෝමි සංජීවනී පිළිබද මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

හක්මන දෙනගම නිවසේ  සිට හක්මන නගරයට  ගිය පසුවයි ඇය අතුරුදන්වී තිබුණේ.

ඇයගේ මව  හිරු  අපෙන් ඉල්ලා සිටියේ සිය දියණියට සිදුවුයේ කුමක්ද යන්න සොයා ගැනීමට  සහය වන ලෙසයි.




මේ සම්බන්ධ පෙර පුවත් පහතින්

හක්මනදි අතුරුදන්වු මයෝමී සංජීවනීට මොකද වුනේ? තවමත් අභිරහසක්-AUDIO

අතුරුදන් වූ මයෝමි සංජීවනී ගැන ඉන්දික තොටවත්ත කළ පළමු අනාවරණය -  Part I (Exclusive)

අතුරුදන්වු හක්මන මයෝමි සංජීවනී ජීවතුන් අතර නැහැ  -  ඉන්දික තොටවත්ත කළ 2 වන අනාවරණය -PART 2 (EXCLUSIVE)


මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි
Monday, 25 May 2020 - 9:01

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව... Read More

ඇඳිරි නීතිය කඩකළ 1,710ක් පැය 24 කදී අත්අඩංගුවට
Monday, 25 May 2020 - 8:15

අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය... Read More

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්
Monday, 25 May 2020 - 7:29

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට... Read More