මුදල් සැඟවූ කෝටිපතියන් අතර නළු නිළියන් සහ පාතාල නායකයන්

Tuesday, 05 April 2016 - 6:23

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
පැනමාව කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක මොසැක් ෆොන්සීකා නීති සමාගම මගින් හෙළිදරව් කර ඇති මහා පරිමාණයෙන් මුදල් සැඟවූ පුද්ගලයන් අතර බොලිවුඞ් නළු නිළියන් ඇතුළු ඉන්දියානුවන් 500 දෙනෙකු සිටින බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා.

ලෝකප්‍රකට දේශපාලනඥයන්, පාපන්දු ක්‍රීඩකයන්, කර්මාන්තකරුවන් ඇතුළු පිරිස් මෙලෙස සැඟවූ මුදල් සම්භාරයකට හිමිකම් කියන බවයි පැනමා ලියවිලි ලෙස හඳුන්වන මෙම ලිපිගොනුවලින් හෙළි වී ඇත්තේ.

ඒ අතර සිටින ඉන්දියානුවන්ට සිනමා තාරකා මෙන්ම මුම්බායි හි සිට පාතාල නායකයෙකු ද සිටින බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සදහන් කළා.

මූල්‍ය විශුද්ධිකරණයට අදාළ මෙම මුදල් සම්භාරය පිළිබදව පරීක්ෂා කිරීම සඳහා ලොව පුරා මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටින බව සදහන්.

චීන ජනාධිපති ෂී - ජින්පින්, පාකිස්තාන අගමැති නවාස් ශරීෆ්, සෞදි රජු, රුසියානු ජනාධිපති පුටින් මෙන්ම සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ද මෙලෙස බදු පැහැර හැරීම ඇතුළු හේතූන් මත ඩොලර් බිලියන සංඛ්‍යාත ධනයක් සඟවා ඇති ස්ථාන පිළිබඳව පැනමා ලිපිවලින් තොරතුරු හෙළි කරනු ලැබුවා.


ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More