චාවකච්චේරියෙන් හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය රස පරීක්ෂකට

Tuesday, 05 April 2016 - 7:32

%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BB%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%A7
යාපනය - චාවකච්චේරි ප්‍රදේශයේ තිබී සොයාගත් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ඇතුළු පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තාවක් කැදවන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල ඊයේ (04) නියෝග කළා.

ඒ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

යාපනය - චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක තිබී පසුගිය දා සොයා ගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි පොලීසිය පැවසුවේ.  

ඔහු පුනරුත්ථාපනය නොවූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු බවටයි දැනට සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ.

පසුගිය බදාදා චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්, ක්ලේමෝ බෝම්බ 4ක්, පතොරොම් 100ක් සහ පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් 3ක් සොයා ගත්තා.


මොණරාගලදී පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු බරපතල තුවාල ලබයි
Friday, 05 June 2020 - 15:20

මොණරාගල - ඉත්තෑකටුව කැලෑබද ප්‍රදේශයකදී පොලීසිය සමඟ සිදුවූ... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 14:54

තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා... Read More

ගතේ වාරු නැතත් හිතේ සවියෙන් රටට සෙත්පතා අනුබුදු මිහිදු හිමියන්ගේ රුව සොයන
Friday, 05 June 2020 - 14:57

රටට සහ ජනතාවට සෙත් පතා අනුබුදු මිහිදු මහා නාහිමියන්ගේ අනුරුවක්... Read More