UPDATE: ව්‍යවස්ථාදායක මණ්ඩලය ප්‍රථම වරට රැස්වෙයි

Tuesday, 05 April 2016 - 7:35

UPDATE%3A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස අද රැස් වුණා.

මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස රැස් වුණේ වසර 44 කට පසුව වීම විශේෂත්වයක්.

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සභාපති ධුරය කථානායකවරයා විසින් හෙබවූ අතර පළමුව සිදුකෙරුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ උප සභාපතිවරුන් පත් කර ගැනීමයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙයිකලනාදන්, කබීර් හෂීම්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලක් මාරපන, මහින්ද යාපා අබේවර්ධන, නලින්ද ජයතිස්ස ඇතුළු මන්ත්‍රීවරුන් 7 දෙනෙකු උප සභාපතිවරුන් ලෙස පත් කෙරුණා.

අනතුරුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින් 21 දෙනා නම් කෙරුණු අතර එහි සභාපති ධුරය හිමිවුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහටයි. ලක්ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, විජේදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, රිෂාද් බදියුදීන්, පාඨලී චම්පික රණවක, ස්වාමිනාදන්, මනෝගනේෂන්, මලික් සමරවික්‍රම, ආර් සම්බන්ධන්, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ජයම්පති වික්‍රමරත්න, එම්.ඒ සුමන්දිරන් එහි සෙසු සාමාජිකයින් වනවා.

ඊට අමතරව, තුසිතා විජේමාන්න, බිමල් රත්නායක, ප්‍රසන්න රණතුංග සහ ඩග්ලස් දේවානන්දා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින්.

-----------------------------------------------------
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා වසර 44 කට පසු මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස අද (05) රැස්වීමට නියමිතයි.

මෙසේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස අවසන් වරට රැස්වූයේ 1972 වසරේදීයි.

ඒ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සදහායි.

පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කිරීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේදී දින දෙකක් විවාද කර සම්මත කළා.

පාර්ලිමේන්තුව අද පස්වරු 1 ට රැස්වීමෙන් අනතුරුව න්‍යාය පත්‍රය අනුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පසු පාර්ලිමේන්තුව කල් තැබෙන අතර ඉන් පසුව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ව්‍යවස්ථාදායක මණ්ඩලය ලෙස මන්ත්‍රීවරු 225 දෙනා රැස්වීමට නියමිතයි.

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සභාපති ධුරය කථානායකවරයා විසින් හොබවන අතර ව්‍යවස්ථාදායක මණ්ඩලය සදහා නියෝජ්‍ය සභාපතිවරුන් 7 දෙනෙකු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතරින් තෝරා ගැනෙනු ඇති.

මෙම රැස්වීම සදහා ගණ පූර්ණය ලෙස මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සිටිය යුතුයි.

අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂනායක, අධිකරණ ඇමති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සෙසු සාමාජිකයින් 17 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කළ යුතු අතර එම කමිටුව විසින් අවශ්‍ය පරිදි තවත් අනුකමිටු පත් කළ හැකියි.





ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More