එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල වෙනස් කම් රැසක්

Tuesday, 05 April 2016 - 12:42

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය අහෝසි කිරීමට අද (05) පැවති පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ එම තනතුරේ කටයුතු කළ අමාත්‍ය දයා ගමගේට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරත් පිරිනමා ඇති බවයි.

ඊට අමතරව, පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන සහ තවත් මන්ත්‍රීවරයෙකු පත් කර තිබෙනවා.

ජාතික සේවක සංගමයේ සභාපති ලෙස පත් කර ඇත්තේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පෙරවරුවේ රැස්වුණේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තවදුරටත් සඳහන් කළේ ජාතික යොවුන් පෙරමුණේ සභාපති තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පත් කර ඇති බවයි.

ලංකා ජාතික වතුකම්කරු සංගමයේ සභාපතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු පත් කර ඇති අතර ලක් වනිතා පෙරමුණේ සභාපතිනිය ලෙස පත් කර ඇත්තේ රාජ්‍ය ඇමතිනි අනෝමා ගමගේයි.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාට පක්ෂයේ සහකාර මහලේකම් ධුරයක් පිරිනමා තිබෙනවා.



මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 823 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 13:03

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More

බකමූණේ අනතුරකින් යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මරුට
Tuesday, 02 June 2020 - 13:00

දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ දමනයාය ප්‍රදේශයේදී අද උදෑසන... Read More

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන්ගෙන්, ස්ථාන 6ක පුහුණු කඳවුරු 10ක් - ජනපති කොමිසමේදී හෙළිවේ
Tuesday, 02 June 2020 - 12:57

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් දිවයිනේ ස්ථාන 06කදී කඳවුරු... Read More