හිරු අද සිට ශ්‍රී ලංකාවට මුදුන් වෙන්නේ මෙහෙමයි

Tuesday, 05 April 2016 - 12:52

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
අද (05) සිට ලබන 14 වන දා දක්වා හිරු ශ්‍රී ලංකාවට මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකි කරණ අංශයේ  අධ්‍යක්ෂ සරත් ප්‍රේමලාල් කියා සිටියේ හම්බන්තොට, මිද්දෙනිය සහ පලටුපාන ආදී ප්‍රදේශ වලට අද පස්වරු 12 යි දහතුනට මෙලෙස හිරු මුදුන් බවයිි.

මේ හේතුවෙන් උෂ්ණත්වයේ ඉහළයාමක් සිදු නොවන බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, අද සිට අන්තර් මෝසම් වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඒ අනුව අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපේක්ෂා කළ හැකියි.

එහෙත්, අප්‍රේල් මාසය තුළ සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනය ප්‍රමාණවත් නොවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් ෙදාරටු 05  ම දෙවන වරටත් අද පෙරවරුවේ යළි විවෘත කෙරුණා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමක දි උඩවලව ජලාශය භාර වාරිමර්ග ඉන්ජිනේරු ටී.ඒ. හිමරානි ප්‍රකාශ කළේ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යාම මීට හේතු වූ බවයි.

මේ අතර, වලවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් පහත්බිම් වල නිවාස කිහිපයක් ද ජලයෙන් යටවී තිබෙනවා.

 


ත්‍රී රෝද රථයකට වන අලියෙකු කළ පහරදීමකින් පියෙක් සහ දියණියක් තුවාල ලබයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 10:05

මැදවච්චිය පූනෑව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකට වන අලියෙකු කළ... Read More

අම්බලන්තොටදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 9:27

අම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින්... Read More

ගිනි අවි දෙකක් සහ ජීව අත් බෝම්බයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 9:21

ගිනි අවි දෙකක් සහ ජීව අත් බෝම්බයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු... Read More