ඇමති ජෝන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Tuesday, 05 April 2016 - 12:58

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
වත්තල ශරීර සුවතා මංතීරුව කඩා ඉවත් කිරීමට අදාළව ඇමති ජෝන් අමරතුංගට එරෙහිව සදාහරිත පරිසර හා සුභසාධක සංගමය අද (05) මානව හිමකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එම සංගමයේ සභාපති බී. අයි .ආබ්ඞීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම ශරීර සුවතා මංතීරුව පෞද්ගලික නිවාස ඉදිකිරීමේ සමාගමක් සිදුකළ ඉල්ලීමක් මත අමාත්‍ය ජෝන් අමරතුංග විසින් කඩා ඉවත් කර ඇති බවයි.

ඊට පහත් බිම් සංවර්ධන මණ්ඩලයෙන් ද අනුමැතිය ලැබී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බවද ඔහු කියා සිටියා.

ඒ අනුව පහත් බිම් සංවර්ධන මණ්ඩලයට පොලිසියට සහ අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කළ බව සදාහරිත පරිසර හා සුභසාධක සංගමයේ සභාපති බී අයි ආබ්ඩීන් ප්‍රකාශ කළා.

මෙම ශරීර සුවතා මංතීරුව ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන්.

මේ සඳහා රුපියල් ලක්ෂ 80 ක පමණ මුදලක් වැය කෙරෙන බව එම ඉදිකිරීම් කටයුතු සිදුකරන පානදුර ප්‍රදේශයේ පෞද්ගලික ඉදිකිරීම් සමාගමේ හිමිකරු වන සුමිත් ආරියරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.






පාතාල නායකයන් බන්ධනාගාරයේ සිට කරන මෙහෙයුම් නතර විය යුතු බව ජනපති අවධාරණය කරයි
Tuesday, 02 June 2020 - 12:28

පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ... Read More

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිහි කැදවීමක්
Tuesday, 02 June 2020 - 11:30

දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙතෙක් ආයතන... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 415 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 11:19

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More