නවසීලන්තයේ හිටපු අගමැතිනිය තරග බිමට

Tuesday, 05 April 2016 - 13:26

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම මහලේකම්වරිය වීම සදහා නවසීලන්තයේ හිටපු අගමැතිනි හෙලන් ක්ලාක් තරග බිමට පිවිස සිටිනවා.

දශක ගණනාවකට විහිදෙන සිය නායකත්ව අත්දැකීම් තුලින් තමාට ජගත් සංවිධානය මෙහෙයවිය හැකි බවයි ඇය පවසන්නේ.

නවසීලන්තයේ හිටපු අගමැතිනිය මේ වනවිට ජගත් සංවිධානයේ විශාලතම අනු ආයතනය වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රධානත්වය උසුලනවා.

ඇය ජගත් සංවිධානයේ මහලේකම් ධුරයට ඉදිරිපත් කරන බව නවසීලන්තය ඊයේ (04)නිල වශයෙන් ප්‍රකාශ කළේ වෙලින්ටන් නුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින්.

1999 වසරේ සිට 2008 වසර දක්වා තුන්වරක් නවසීලන්ත අගමැති ධුරය හෙබවූ හෙලන් ක්ලාක් එම ධුරය දීර්ඝතම කාලයක් හෙබවූ තැනැත්තියයි.

බෑන්කී මූන්ගෙන් පසු ජගත් සංවිධානයේ මහලේකම්වරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි.


ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More