අගමැතිගෙන් ඇමති ජෝන්ට අවවාද

Tuesday, 05 April 2016 - 19:14

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF
ගලවා ඉවත් කර දැමූ වත්තල - මාබෝල - කළුඇල ශරීර සුවතා මංතීරුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය ජෝන් අමරතුංගට අවවාද කළ බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අද හෙළි කළා.

ඒ, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීයෙකු ඔහුගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේදියි.

හිතුමතේ මංතීරු කැඞීමෙන් වළකින ලෙස මෙහිදී ඔහුට අගමැතිවරයා දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එහි මහ ලේකම් කබීර් හෂීම්ගෙන්ද මාධ්‍යවේදීන් මේ පිළිබඳව විමසා සිටියා.

ඔහු සදහන් කළේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබද සාකච්ඡා නොවූ බවයි.

කෙසේ වෙතත්, වත්තල ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මෙම මංතීරුව ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අමාත්‍ය ජෝන් අමරතුංගගෙන් මාධ්‍යවේදීන් එහි යළි ඉදිකිරීම සම්බන්ධයෙන් විමසා සිටියා.

ඔහු කියා සිටියේ තමන්ට එය අදාළ නොවන බවයි.           

මේ අතර, වත්තල ශරීර සුවතා මංතීරුව ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග, පොලිස් දෙපාර්තමේන්තුව සහ පහත් බිම් සංවර්ධන මණ්ඩලයට එරෙහිව සදාහරිත පරිසර හා සුබසාධක සංගමය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති බවයි එම සංගමයේ සභාපති බී.අයි.ආබ්ඩීන් පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ගලවා ඉවත් කර දැමූ වත්තල - මාබෝල - කළුඇල ශරීර සුවතා මංතීරුව යළි ඉදිකිරීමේ කටයුතු ආරම්භ වුණේ ද අද දිනයේදියි.

එහි ඉදිකිරීම් කටයුතු සිදුකරන පානදුර ප්‍රදේශයේ පෞද්ගලික ඉදිකිරීම් සමාගමේ හිමිකරු වන සුමිත් ආරියරත්න කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු තමන්ට භාරදුන් බවයි.






මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:45

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා... Read More

ගංවතුර අවදානම පහව යයි
Saturday, 30 May 2020 - 17:11

වර්ෂාවත් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින... Read More

කොරෝනා ආසදනයවී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 388 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:01

කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව... Read More